මේක තෙල් මිල වැඩි වීමේ අතුරු කතාවක්. කොහොමින් කොහොමින් හරි සියයට ලොකු ගානකින් තෙල් මිල වැඩි උනානේ දැන් ඉතින් ඕකෙන් වෙලා තියෙන දේ අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. බස් ගාස්තු වැඩි උනා,බඩු මිල වැඩි උනා,ජීවන බර වැඩි උනා,එකී මෙකී නොකී හැම දෙයක්ම වැඩි උනා. හැබැයි පඩි නම් වැඩි උනේ නැහැ.ඉතිං දැන් කාට කාටත් ලොකු ලොකු ප්‍රශ්ණ ගොඩක් ඇති වෙලා. ඇයි ඉතිං තෙල් මිල වැඩි උනා කියන්නේ අනික් වියදම් ඔක්කොමත් වැඩි උනා කියන එක තමයි.ලොකුම ප්‍රශ්ණේ තමන්ගේ වාහන වලින් ගමන් බිමන් යන අයට (මම කිව්වේ යහමින් සල්ලි තියෙන අය ගැන නෙමේ). මොකද දැන් ඉස්සර වියදම් කරපු ප්‍රමාණය වියදම් කරලා තෙල් ගැහුවාම යන්න පුලුවන් ඉස්සර ගියපු දුරින් 2/3යි.ඇත්තටම ගත්තොත් දැන් කාලේ බස් එකේ යනවට වඩා ලාභයි මෝටර්සයිකල් එකක යන එක. ඒත් දැන් අලුතින් මෝටර්සයිකල් එකක් ගන්න යන කෙනෙකුට හිතෙන්න පුලුවන් අමාරුවෙන් මොටර්සයිකල් එකක් ගත්තත් ආයෙම තෙල් වැඩි වෙලා, අමතර කොටස් මිල වැඩි වෙලා කෙල වෙනවානේ කියලත්. දැන් මම කියන්න හදන්නේ මේ ප්‍රශ්නෙන් ගොඩ යන ක්‍රමේ. කියවලා ඉවර උනාම කියන්න එපා මේවත් උත්තරද කියලා, මොකද දැන් අපේ දේශපාලු අන්කල්ලා දෙන විසදුම් වල හැටියට මේවත් විසඳුම් තමයි හරිය?
වාහනයක් ගන්නවාට වඩා ලාභදායී විසදුමකුත් තියෙනවා ඒ තමයි අශ්වයෙක් ගන්න එක.අශ්වයගේ ගාන ටිකක් වැඩි උනාට අනාගතේ සුරක්ෂිතයි. මොකද තෙල් මිල කොච්චර වැඩි උනත් ප්‍රශ්නයක් නෑනේ. උදේම අශ්වයගේ පිටේ නැගල යන එකයි තියෙන්නේ. අනික් එක තමයි කොච්චර සනීපද උදේ පාන්දරම අශ්වයගේ පිටේ නැගල වැඩට යද්දී,කඩේට යද්දී?ඇඩ් කෝටියයි. ඔය වැඩට යන අයට පුලුවන් වැඩට ගිහින් අශ්වයාව හෙවනක ගැටගහල තියන්න.සැරින් සැරේ ගිහින් වතුර ටිකක් එහෙම දීලා අවාම හරි. වැඩ ඇරිලා හවස නිකන් කව්ද බෝයි වගේ ගෙදර යන එකයි.ඒත් අශ්වයගේ නඩත්තු වියදමනම් ටිකක් සැරයි. ඌට හොද කෑම දෙන්න ඕනේ යව,කොල්ලු වගේ.ඒවා ගේන්න මාකට් එකේ රස්තියදු වෙන්නත් ඕනේ,බූල් පීරන්න ඕනේ,නාවන්න ඕනේ, වෙලාවට බෙහෙත් වර්ග දෙන්න ඕනේ ඔක්කොමටත් වඩා අදාල කාලෙදී අස්ප කෙලි පැටික්කියක් සෙට් නොකලොත් විනාසයි.... ඒක නිසා අශ්වයා ටිකක් විතර අමාරුයි කියලා හිතෙන අයට පුලුවන් පෝනියෙක් ගන්නත්. පෝනියට නිකන් අශ්වයා වගේ පෙනුමකුත් තියෙනවා . හුරුබුහුටියි වියදම් අඩුයි.බාවිතය පහසුයි. ඕකත් වියදම් වැඩී කියලා හිතෙනවානම් කට්ටියට පුලුවන් බූරුවෙක් ගන්න.
බූරුවටනම් හදිස්සියකදී කෑම දෙන්න ඕනෙත් නැහැ. නූලක කැරට් අලයක් ගැටගහලා මූන ඉස්සරහට ඇල්ලුවාම හරි.මොකද ඉතින් ඌ බූරුවානේ ඔහේ යන්නේ නැතැයි කැරට් අලේ පස්සෙන්. ඊ ලග දවසේ කැරට් අලේ වෙනුවට අල්ලනවා බීට් අලයක් ඒත් ප්‍රශ්නයක් නැහැ මොකද ඉතින් ඌ බූරුවනේ. එහෙම මොකුත් හොයා ගන්න බැරිනම් එල්ලන්න කෑම ජාතියක ෆොටෝ එකක්. ඔව් ඔව් පුලුවන්...ඌ ඉතින් බූරුවනේ. හැබැයි බූරු වැඩේ ලාබ වගේම තමයි,වටපිටාවේ ඉන්න අය "ඔන්න බූරුවෝ දෙන්නෙක් යනෝ" කිව්වොත් නම් කොරන්න දෙයක් නෑ ඕං. මේ අකාරයට පුලුවන් අපිට තෙල් ප්‍රශ්නෙට මුහුණ දෙන්න.ලාභයි වාසියි.

No comments:
Post a Comment